
ජනාධිපති, අගමැතිවරිය සහ කැබිනට් අමාත්‍යවරු 07 දෙනකු සඳහා උපදේශකයන් 37 දෙනකුගේ සේවය ලබා ගෙන ඇතැයි අනාවරණය වේ. ඒ අනුව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොබවන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා උපදේශකයන් 10 දෙනකු ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් උපදේශකයන් 14 දෙනකු ද එක්කර ගෙන ඇත.

ජනාධිපති සහ අගමැති වෙනුවෙන් එක්කර ගෙන ඇති උපදේශකයන් සියලු දෙනා ස්වෙච්ඡාවෙන් සේවය කරනු ලබන අතර ඔවුන් කිසිවකු ආණ්ඩුවෙන් දීමනා ලබා ගෙන නොමැත. එහිදී අගමැතිනිය උපදේශකයන් ලෙස බඳවා ගෙන ඇති සියලුම දෙනා අධ්‍යාපන ක්ෂේත්රයේ විශේෂඥයන්ය.
ඊට අමතරව කර්මාන්ත ඇමැති සුනිල් හඳුනෙත්ති මහතාට උපදේශකයන් 03ක්, ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතාට උපදේශකයන් 03ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාට උපදේශකයෝ 02ක්, මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත, පරිසර ඇමැති ධම්මික පටබැඳි, වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ යන මහත්වරුන්ට එක් අයකු ලෙස හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාට උපදේශකයන් එක් අයකු ලෙස උපදේශකයන් බඳවාගෙන ඇත.
ඉහත උපදේශකයන් බොහෝ දෙනකු වැටුප්, දීමනා, වාහන ආදිය ලබා නොගෙන ස්වෙච්ඡාවෙන් උපදෙස් ලබා දුන්න ද අමාත්‍ය වසන්ත සමරසිංහ, ධම්මික පටබැඳි, චන්දන අබේරත්න යන මහත්වරුන් වෙනුවෙන් බඳවාගත් උපදේශකයන් තිදෙනා වෙනුවෙන් දීමනා, වැටුප්, වාහන ආදිය ලබාදී තිබේ.
ඒ අනුව ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ උපදේශක සඳහා මසකට රුපියල් 2,27,695ක් සහ ඔහුගේ පෞද්ගලික වාහනය වෙනුවෙන් රුපියල් 46,695ක ඩීසල් දීමනාවක් ද ගෙවනු ලැබේ. ඇමැති ධම්මික පටබැඳි මහතාගේ උපදේශක සඳහා මසකට රුපියල් 2,13,635ක මාසික වැටුපක් ද කැබ්රථයක් සහ ඩීසල් ලීටර් 165ක් සඳහා රුපියල් 47,685ක් ද ගෙවනු ලැබ තිබේ.
රාජ්‍ය පරිපාලන ඇමැති චන්දන අබේරත්න මහතාගේ උපදේශක වන හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන අශෝක පීරිස් මහතා සඳහා රුපියල් 1,17,150ක්, රුපියල් 17,800ක ජීවන වියදම් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 46,695ක් තෙල් දීමනාවක් ලෙස ද ගෙවනු ලැබේ.
විපක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ආණ්ඩුව මෙම තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.




