සමගි ජන බලවේගයේ මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කරන ලදී. ඒ, කථානායකවරයාට හිමි නිල නිවස භාවිත කරන ලෙසටයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම නිල නිවස වෙනත් කිසිවකුට ලබා දීමට අයිතියක් නොමැති බවයි.
“එම නිල නිවස පාවිච්චි කරනවාට කිසිවකුත් විරුද්ධ නැතැයි” පැවසූ ජයසේකර මහතා, එය මෙරට ප්‍රධාන නායකයන්ට ලබා දෙන ප්‍රධාන නිල නිවාස වලින් එකක් බවද ප්‍රකාශ කළේය.
මීට අමතරව, මුලින් භාවිත නොකළ බී.එම්.ඩබ්ලිව්. (BMW) වාහනය කථානායකවරයා විසින් මේ වන විට භාවිත කරන බවත්, එම තීරණය පැලවත්තෙන් ලැබුණු නියෝග අනුව ගත්තාදැයි තමා නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.




