
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අදාළ කාරණා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) අවධානය යොමු වී ඇත.

පර්යන්ත ඉදිකිරීම් ප්‍රමාදය සහ වන්දි ඉල්ලීම්
නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන්, කොන්ත්‍රාත්කරු විසින් රුපියල් කෝටි 423 ක වන්දියක් ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය විය.
කෝප් කමිටුවේ රැස්වීම
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි විය.
වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැර කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.




