
විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන තර්කවල කිසිදු එකඟතාවයක් හෝ ස්ථාවරත්වයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“විපක්ෂය අප ගැන කියන දේවල්වල මොකක් හරි තර්කයක් අල්ලගන්න මම උත්සාහ කළා. උත්තරයක් දෙන්න වුණත් ඒක දැනගන්න අවශ්‍යයි නේ. මේවායේ දේශපාලන ලොජික් එකක් තියෙනවාද කියලා මම තදින්ම හෙව්වා. හරිම අමාරුයි ඒ තර්කය හොයාගන්න. කරුණු අතර කිසිම සම්බන්ධයක් නෑ.”
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් යෝජනා කර සිටියේ, විවාදය සාර්ථකව කරගෙන යාම සඳහා ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් හෝ පැය 24කට වඩා පවත්වාගෙන යන්නට උත්සාහ කරන ලෙසයි.
“පැය 24ක් වත් පවතින්නේ නැති තර්ක අහගෙන ඉන්නත් අමාරුයි,” යනුවෙන්ද ඇය ප්‍රකාශ කළාය. විපක්ෂයට ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුණ පිළිබඳව කිසිම එකඟතාවයක් නැති බැවින් මෙලෙස පැය 24ක්වත් පවතින තර්කයක් ඉදිරිපත් කරගන්නට නොහැකි වී ඇතැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.




