
අප රටට මේ වසරේදී බලාපොරොත්තු වූ සංචාරකයන්ගේ ප්‍රමාණය ගෙන්වා ගැනීමට ආණ්ඩුවට අසමත් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය (ස.ජ.බ) අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇය දැක්වූයේ වර්තමාන සංචාරක කර්මාන්තයට අදාලවත් ගොඩක් ප්‍රශ්න ඇති බවයි. මේ වසරේ සංචාරකයන් මිලියන 3ක් ගෙන්වීම ආණ්ඩුවේ ඉලක්කය වූවත්, මේ දක්වා පැමිණ ඇත්තේ මිලියන 1.9ක් පමණ බව සඳහන් කළා.
මෙම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවීමට හේතු කිහිපයක් බලපා ඇති බවද ඇය පවසයි. ඕනෑම රටක සංචාරක කර්මාන්තය ඉදිරිපත් කරමින් සන්නාමකරණ කැම්පේන් ක්‍රියාත්මක කිරීම සාමාන්‍යයි. එමඟින් බොහෝ රටවල් තම සංචාරක ආකර්ෂණය දෙගුණ, තෙගුණ කිරීමටත් සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවට එවැනි ප්‍රචාරණයක් දියත් කිරීමට නොහැකි වී තිබෙන බව ඇය චෝදනා කළා.
මෙයට ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ හෝටල් හිමියන්ගෙන්ද අප්‍රසාදය පළ වී ඇති බවද ඇය සඳහන් කළා. විදේශ සංචාරකයන් බොහෝවිට ලංකාවට පැමිණෙන්නේ නොවැම්බර්–දෙසැම්බර් මාසවලදී. එහෙත් මේ මාසයේදී පැමිණ ඇත්තේ 32,000ක් පමණය. ඉන් මිලියන 3ක ඉලක්කය සපුරා ගැනීම අසම්භාවී වී ඇති බවද ඇය පැවසීය.
2018 වසරේදී ලංකාවට සංචාරකයන් මිලියන 5ක් පැමිණ ඇති බවත් ඇය අවධාරණය කළා.




