
යුග දිවියට පිවිසී සිටින හිටපු අමාත්‍ය , ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත් ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද(26) උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔවුන් ඉකුත් 23 දින තිරිප්පූර් වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ඔහුගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි .
ඔවුන් අද දින උදෑසන 11.05 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ.




