
පසුගිය දා කඳපොළ ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳපොල චන්දිරිගම ප්රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඊයේ (01) දිනයේ දී මෙම මෙහෙයුම දියත් කර ඇත.
ඉකුත් 27 වනදා දහවල් එම ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බව ප්රදේශවාසීන් පවසයි.
අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මකයි.




