
ආපදා තත්ත්වයන්හිදීත් මව්වරුන්ට දිගටම මවුකිරි දීමට අවධාරණය කළ යුතු අතර, ලදරු පිටිකිරි ලබාදීම සඳහා මව්වරුන්ගේ අවධානය පෙළඹවීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරයි.

දරුවා ඉපදුණු මොහොතේ සිට මාස හයක් දක්වා දරුවාට ලැබිය යුතු එකම ආහාර මවුකිරි බවත්, මෙම අවධියේ දරුවාට ජලය වුවද අමතරව ලබා නොදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
“කොතරම් ආපදා තත්ත්වයක් තිබුණද, මව ජීවත්ව සිටින විට මවුකිරි නිපදවීමට බාධායක් නොමැතිබවයි. දරුවා අසල මව නොමැති විශේෂිත කරුණු නොමැතිනම්, මවුකිරි ලබාදීම අඛණ්ඩව කරගෙන යා යුතුය,”
උපතේ සිට මාස හයක් දක්වා මවුකිරි දරුවාට සම්පූර්ණ ආහාරයක් වන අතර, මෙම කාලය තුළ දරුවාට අවශ්‍ය සියළු පෝෂණය, ප්‍රතිශක්තිය සහ ජලය මවුකිරි හරහාම ලබාගත හැක. විශේෂයෙන් ආපදා තත්ත්වයන්හිදී රෝග පැතිරී යා හැකි අවසන් අවස්ථාවලදී, මවුකිරි දරුවාගේ ආරක්ෂාවට ඉතා වැදගත් වේ. මාස හයෙන් පසුද, අතිරේක ආහාර සමඟ මවුකිරි ලබාදීම දිගටම කෙරිය යුතුයි.
මේ ආපදා තත්ත්වය පවතින අතරතුර, ඇතැමුන් විසින් ළදරු පිටිකිරි, දරුවාට භාවිත කිරිපිටි සහ කිරි බෝතල් ප්‍රවර්ධනය කිරීම දක්නට ලැබෙන බවත්, එය සමස්ත දරුවන්ට හානිකර ක්‍රියාවක් බවත් ඔහු අවධාරණය කරයි.
ඒ අනුව, මෙවැනි ළදරු කිරිපිටි ප්‍රවර්ධනය කිරීමත්, ආපදා සහන සමඟ ඒවා බෙදාහැරීමත් නතර කරන ලෙස සියළු පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසා ඇත.




