
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල කඳු සහ ආශ්රිත ගම්මාන ආරක්ෂිතදැයි තහවුරු කිරීමට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (3) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් අඩුවීම හේතුකොටගෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද මෙම විමර්ශන කටයුතු සඳහා එක් කර ගැනීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත්, ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරින්ද මෙහිදී සම්බන්ධ කර තිබේ.
ආරක්ෂාව තහවුරුකිරීමට පෙර මෙම ප්‍රදේශවලට ජනතාව නොයවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




