
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් ඊයේ (03 දා) සිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මේ ආකාරයට සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව තුළ භීතියක් සහ කැලඹීමක් ඇතිකරන ප්රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයන් 57 දෙනකු ඊයේ දහවල් වනවිට හඳුනාගෙන සිටි අතර ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
මේ ආකාරයට අසත්‍ය ප්‍රචාර කරමින් රට කලඹන පුවත් නිර්මාණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් ඊයේ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා ‘දිවයින’ට කියා සිටියේය.
මේ ආකාරයට මහජනයා කලඹන හා බියගන්වනසුලු අසත්‍ය ප්‍රචාර සිදුකරන ඕනෑම පුද්ගලයකුට මහෙස්ත්‍රාත් අධිකරණයක් මගින් වසර 05ක සිර දඬුවම් ලබාදීමට නීතිමය හැකියාවක් තිබෙන බව ද වුට්ලර් මහතා පවසයි.
එබැවින් මහජනතාව කලඹන, බියට පත්වන ආකාරයේ අසත්‍ය, තහවුරු නොකළ ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය නොකරන ලෙස ද වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.




