
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04දා) සිට මෙහෙයුම් ආරම්භ කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
විමල් වීරවංශ මහතා පදිංචි හෝකන්දර පිහිටි නිවස සහ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අලුයම පරීක්ෂා කර ඇති අතර ඒ මහතා එම ස්ථානවල සිට නැත.
විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මෙසේ ආරම්භ කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (03දා) නිකුත් කළ වරෙන්තු නියෝගයකට අනුවය. වීරවංශ මහතාගේ නිවසට සහ කාර්යාල වෙත ගොස් එහි සිටි පවුලේ සාමාජිකයන්ගෙන් සහ කාර්යාල සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කර ඇත.
විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකුව සිටි කාලසීමාවේදී රථවාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පැවති නඩුවකට ඉදිරිපත් නොවීම නිසා ඒ මහතාට වරෙන්තු නිකුත් කර තිබිණි.




