
සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (05) පස්වරුවේ පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය නොවැම්බර් 16වනදා සිට අද ප.ව. 6.00 දක්වා කාලය තුළ දත්ත මත මෙම නිවේදනය නිකුත්කර ඇත.
එම නිවේදනයට අනුව පුද්ගලයින් 214ක් තවමත් අතුරුදන්ව සිටියි.
එමෙන්ම පවුල් 43,715ක පුද්ගලයින් 152,537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.




