
විපක්ෂ මහජන නියෝජිතයන් ඉලක්ක කරගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීම නවතා දමා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව මුදවා ගැනීමට සියලුම දෙනා එකතුවී කටයුතු කළ යුතු යැයි සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

කාලගුණයේ තිබෙන අවදානම පිළිබඳව නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැමිණ ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට ධාරාණිපාත වර්ෂාවක් ලැබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුව මෙම තත්ත්වයට සූදානම් නොවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළාට පසුව ඒවා යටපත් කිරීමට මඩ ප්‍රහාර එල්ල නොකර සත්‍ය තේරුම් ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුවුණ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට සිදුකළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කිරීමයි සිදුකළ යුත්තේ. ඒ වගේම ඇතිවුණ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් යටිතල පහසුකම්වලට රුපියල් බිලියන 900 ක පමණ හානියක් සිදුවී තිබෙන බව වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ රුපියල් බිලියන 50 ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මෙම කටයුතු සිදු කරන්නේ කෙසේද කියන ප්රශ්නය මතුවෙනවා.
ඒ වගේම ආණ්ඩුව විවේචනයට ලක්කරන පිරිස් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගතයුතු බව සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. එසේ නම් පැලවත්ත මඩ බළකාය හරහා විවිධ මඩ ප්‍රහාර එල්ල කරන පිරිසටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ නමුත් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදවා ගැනීමට පමණක් හදිසි නීතිය භාවිතා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. නමුත් ආණ්ඩුව විවේනයට ලක්කරන පිරිස් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණ සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. මේ හරහා ආණ්ඩුවේ නිරුවත හෙළි වෙමින් තිබෙනවා.




