
මෙරටට බලපෑ දිට්වා සුළිකුණාඩුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවෙන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත් පවසමින් ජනතාව ප්රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බවත් එම පැමිණිල්ලෙන් කියා ඇත.
පැමිණිල්ල සිදු කර ඇත්තේ නීතිඥ මංජුල කොඩිකාර නම් අයෙකි.
ලිඛිතව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.




