
රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා ඇති හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා එහි නිරීක්ෂණයකට සහභාගී විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පවතින නායයාම් තත්ත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත හක්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සැලසුම් මෙහිදී අමාත්‍යතුමා විසින් අදාළ නිළධාරීන් වෙත ලබා දී තිබේ.
ඒ අනුව හක්ගල උද්භිත උද්‍යානය නොබෝ දිනයකින් සංචාරකයන් වෙත විවෘත කෙරෙනු ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ කේ. බණ්ඩාර මහතා, නුවරඑළිය දිස්ත්රික්භාර භූවිද්‍යාඥ බුද්ධික මහතා සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද සහභාගී වූහ.




