
පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයෙන් පසු වසංගත රෝගවල පැතිරී යෑමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ආපදා තත්ත්වය ඇතිවීමට පෙර මී උණ, ඩෙංගු රෝගවල කිසියම් ව්‍යාප්තියක් තිබුණද ආපදා තත්ත්වයෙන් පසු එම ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යෑමක් පෙන්නුම් නොකරන බවත් හෙතෙම කීය.
අතීසාරය, පාචනය යන රෝගයන්ගේ ව්‍යාප්තවීමක් ද වාර්තා නොවන බවත් හෙතෙම කියා සිටියේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන්ගේ උපදෙස් මත සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. ජී. සුරවීර මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. දිසානායක මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.




