
දිවයින පුරා වාන් දැමීම සිදුවන ජලාශ සංඛ්‍යාව අසූවක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසීය.

ප්‍රධාන ජලාශ 37ක් සහ මධ්‍ය ජලාශ 43ක් 12 දා සවස වනවිට වාන් දැමීම සිදුවෙමින් පැවතිණි.
රාජාංගනය, මහකනදරාව, නුවරවැව, හුරුළුවැව, නාච්චාදූව ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලම (10 කි) වාන් දැමීම සිදුවන බව අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවැසීය.
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03 ක් වාන් දැමීම සිදුවෙයි. අලිකොටආර, ඇතිමලේ සහ මුතුකණ්ඩිය ජලාශ එසේ වාන් දමයි. සේනානායක සමුද්‍රය ඇතුළුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03ක්, බදුල්ල 03ක්, මඩකලපුව 02ක්, මහනුවර 02ක්, හම්බන්තොට 04ක්, මාතලේ 03ක්, පොලොන්නරුව 02ක්, ත්‍රිකුණාමලය 03ක් සහ මන්නාරම 01ක් වශයෙන් ප්‍රධාන ජලාශ වාන් දැමීම සිදුවන බව දෙපාර්තමේන්තුව පැවැසීය.
අනුරාධපුර මධ්‍ය ජලාශ 13ක්, මොනරාගල 07ක්, කුරුණෑගල 04ක්, මන්නාරම සහ බදුල්ල 03 බැගින් ද, මඩකලපුව, පුත්තලම සහ කොළඹ 02 බැගින් ද, අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට 01 බැගින් ද මධ්‍ය ජලාශ 43ක් ද වාන් දැමීම ආරම්භ වී තිබෙන බව හෙතෙම පැවැසීය.
ප්‍රධාන සහ මධ්‍ය ජලාශවල වාන් ජලය මුදාහැරෙන ජල මූලාශ්‍ර ආශ්‍රිතව ගංවතුර අවදානමක් නොමැති බව අධ්යක්ෂවරයා පැවැසීය.




