
පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී අද පල කල අදහස් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරෙන විධියට සුළි සුළඟෙන් වැසි ලැබුණාටත් වඩා ජනාධිපතිගේ පිනෙන් විදෙස් ආධාර ලැබිලා. නමුත් තිත්ත ඇත්ත නම් ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් විදේශාධාර ලෙස තවමත් ලැබිලා තිබෙන්නේ 0.17%යි.
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළ විධියට දිත්වා කුනාටුව සිදු කළ විනාශය ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක් යාවි. අපි ඩොලර් බිලියන 6.5ක් කියමු. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරන විධියට දෙස් විදෙස් සියළු ආධාර දෙසැම්බර් 13 දිනට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 11යි. අපි දෙස් විදෙස් ආධාර කියන එක අමතක කරලා මේ සියල්ලම විදේශාධාර කියලා ගත්තොත් විදේශාධාර ඩොලර් මිලියන 11යි. එතකොට ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් මිලියන 6,500ක් වුණත් ඇත්තටම ලැබිලා තිබෙන්නේ ඒකෙන් 0.17%යි.




