
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පක්ෂය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව දෙරණ නාලිකාවේ විකාශය වූ “360” වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

උපාධිය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කර ඇති බවට හෙළිදරව් වුවහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයකට යා යුතු බවට ඔහු සදහන කළේය.
මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න විමසා සිටියේ අශෝක රන්වල මහතා විසින් උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සඳහා කථානායක ධුරයෙන් ඉවත්වී වසරක් ගත වී ඇති නමුත්, තවමත් එම සහතිකය ඉදිරිපත් කර නොමැති වීම සම්බන්ධයෙන් පක්ෂය ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.
ඇමතිවරයා වසරකට පෙර ප්‍රකාශ කර තිබුණේ, රන්වල මහතා කථානායක ධූරයෙන් ඉවත්වූයේ එම සහතිකය ඉදිරිපත් කර ගැනීමට නොහැකිවීම නිසා මිස, උපාධිය සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් නොවන බවත්, ඔහු ඉක්මනින් එය ලබාදෙනු ඇති බවත්ය.
ඒ ගැන විමසීමේදී ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමා එම ප්‍රකාශය කළේ රන්වල මහතා විසින් පක්ෂයට ඒ මොහොතේදී පැවසූ කරුණු මත පදනම්ව බවයි.
කෙසේ වෙතත්, වසරක් ගතවී ඇති තත්ත්වය යටතේ උපාධි සහතිකය තවමත් ඉදිරිපත් කර නැති නිසා, ඔහු එවැනි උපාධියක් ඉදිරිපත් කර නොතිබීම නිසා, එම උපාධියක් නැද්ද යන සැකය මතුවීම ඉතාම සාධාරණ බව ඇමතිවරයා පිළිගත්තේය.
අශෝක රන්වල මහතා හදිසියකදී හෝ වංචනිකව ‘ආචාර්ය’ යන නාමය පාවිච්චි කර එම තනතුර භාර ගත්තේ නම්, එය ජනතාව ඉදිරියේ සිදු කළ වරදක් බව ඇමතිවරයා පැහැදිලි කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ට ඡන්දය දුන් හෝ නොදුන් සියලුම ජනතාවගේ විශ්වාසය හා මතයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි,. එම නිසා, ජනතාවගේ මතයන් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් පියවර ගන්නා බව ඔහු තහවුරු කළේය.
ඇමතිවරයා සඳහන් කළේ: “හදිසියවත් ඔහුට එවැනි අවස්ථාවක ඔහු වංචනික ලෙස කටයුතු කරලා තියෙනවා නම්, ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයකට යාම කළ යුතු දෙයක්” බවයි. කෙසේ වෙතත්, මේ මොහොතේම තීරණයක් ප්‍රකාශ කළ නොහැකි බවත්, මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවත් ඔහු කියා සිටියේය.




