
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් අද කාර්යාල අඩස්සියට පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අද ඔවුනට බාහිර පුද්ගලයන් සමග කතා කිරීමට හෝ කිසිවකු හමුවීමකට අවසර නැති බවද ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාවගෙන් සත්‍ය සැඟවීම වැරදි කටයුත්තක් බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.
ආපදා කළමනාකරණ පනත සංශෝධනය යුතු බවද පැවසූ ඔහු ජාතික ආපදා ප්‍රතිචාර බලකායක් පිහිටවිය යුතු බවද යෝජනා කළේය.




