
මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩු වී පවතින විගණකාධිපති තනතුර සඳහා ස්ථිර විගණකාධිපතිවරයෙකු පත්කිරීමට අසමත් වීම හේතුවෙන් රටේ මෙම උත්තරීතර විගණන ආයතනය ස්ථාවර නායකත්වයකින් තොරව ක්‍රියාත්මක වීම පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය බරපතල කනස්සල්ල පළකර තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වාදෙන්නේ, මෙම ප්‍රමාදය මහජන විශ්වාසය, මූල්‍ය වගවීම සහ ශක්තිමත් අධීක්ෂණයක් යන තත්වයන්ගේ හදිසි අවශ්‍යතාව අඩපණ කරන බවයි.
රජයේ වියදම් ස්වාධීනව විගණනය කිරීමෙන් සහ වගවීම සහතික කිරීමෙන් මහජන සම්පත් ආරක්ෂා කිරීම සඳහා විගණකාධිපති කාර්යාලය ප්රජාතන්ත්රවාදී පාලනයේ මුල්ගලක් ලෙස ක්‍රියාකරන බවත් එය අකාර්යක්ෂමතාව, වැරදි කළමනාකරණය සහ දූෂණය සඳහා ඉඩක් නිර්මාණය කරන බවත් එම ආයතනය අවධාරණය කර තිබේ.
ස්ථිර විගණකාධිපතිවරයකු නොමැතිකම, ජාතික විගණන කාර්යාලයේ අධිකාරිය සහ ස්වාධීනත්වය දුර්වල කරන බවත්, අකාර්යක්ෂමතාව, වැරදි කළමනාකරණය සහ දූෂණය සඳහා ඉඩක් නිර්මාණය කරන බවත් එම ආයතනය පෙන්වාදෙයි.
හදිසි සහන සේවා සහ සැලකිය යුතු මහජන සහ බාහිර අරමුදල් බලමුලු ගැන්වීමට හේතු වී ඇති දිට්වා සුළි කුණාටුවේ බලපෑම්වලට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දක්වන විට මෙම කනස්සල්ල වැඩි වේ.
ආපදා ආශ්රිත සම්පත් විනිවිදභාවයෙන් කළමනාකරණය කර බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත ළඟාවීම සහතික කිරීම සඳහා ශක්තිමත් අධීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දී තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු, තාවකාලිකව වැඩබලන විගණකාධිපතිවරයා පත්කර තිබේ.
නැවත නැවතත් තාවකාලික දිගුකිරීම් ආයතනික ස්වාධීනත්වය ඛාදනය කරන බවත් විගණන කාර්යයන්හි විශ්වසනීයත්වය අඩපණ කරන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා අනතුරු අඟවයි.
මූල්‍ය වර්ෂය අවසානයේ රාජ්‍ය ආයතන ගිණුම් අවසන් කිරීමට සහ විගණන වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන විට විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තීරණාත්මක වන බව ද එමගින් අවධාරණය කරයි.




