
තත්ත්වයෙන් බාල බවට සැකය මත තාවකාලිකව භාවිතය තහනම් කළ ඉන්දියානු සමාගමක් විසින් ආනයනය කරන ලද ඖෂධ 10ම තත්ත්වයෙන් බාල බව ඖෂධ නියාමන අධිකාරිය මගින් තහවුරු කර ඇත.

ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කළ විශේෂඥයන් ඇතුළු දස දෙනකු විසින් ලබාදුන් එකී නිර්දේශය ඇතුළත් වාර්තාව ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එකී වාර්තාව අනුව ඉන්දියාවේ Maan pharmaceutical Ltd නමැති සමාගම විසින් ඖෂධ නියාමන අධිකාරියට සපයනු ලැබූ එකී ඖෂධ භාවිතයට අහිතකර බව පෙන්වා දී තිබේ.
එකී නිර්දේශය ලැබීමට පෙරම භාවිතයෙන් ඉවත් කළ 2024 – 2025 සමයේදී මෙරටට ගෙන්වන ලද වමනය පාලනය සඳහා ලබාදෙන ondensetron injection (ඔන්ඩෙස්ට්‍රෝන් එන්නත්) ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වන Cetotaxime, Co-Amoxyelave, Lmipenum, Merapenum, Piparacillin, Tozabactum යන උණ වලිප්පුව හා මානසික රෝග සඳහා ලබාදෙන Haloperidol, යකඩ ඌනතාවයන්ට ලබාදෙන Iron Sucrose සහ තවත් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.




