
ස්ථායිකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව ණය දෙන ආයතනවලින් ලබා දී ඇති ඇස්තමේන්තුගත ණය මුදලින් ඉකුත් වර්ෂය (2024) අවසන් වන විට වැය කර ඇත්තේ ඉන් සියයට 29.24ක මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති ණය ගිවිසුම් අනුව ණය දෙන ආයතන විසින් ලබා දී ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 18,396.03කි. ඉන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 8,486.93කි. මෙකී ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 58.32ක් වන අතර ණය ගිවිසුමේ නිශ්චිතව සඳහන්ව ඇති ව්‍යාපෘති ක්‍රියාකාරකම් වර්ෂ 05ක් තුළ අවසන් කළ යුතු බව සඳහන් වුවද එසේ කිරීමට නොහැකි වී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසු එහි තිරසර නඩත්තු කටයුතු අදාළ ආයතන වෙත ව්‍යාපෘති මෙහෙයුම් ඒකකය විසින් පැවරිය යුතු බව ණය දෙන ඒජන්සි ආයතනයේ ව්‍යාපෘති මෙහෙවර වාර්තාවේ සඳහන් වෙයි.
එහෙත් රුපියල් මිලියන 1,308.77 මුදලක් වැය කර ඉදිකිරීම් අවසන් කර තිබූ කොන්ත්‍රාත් 13ක් සඳහා එසේ කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.




