
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත්වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිතුමියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධ ව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටියි.




