
පසුගිය ආපදා තත්ත්වය නිසා ඇතිවූ විනාශය සැලකිල්ලට ගෙන යළි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යෑම උචිත නැතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ගෝලීය ආර්ථික විශේෂඥයන්ගේ සමූහ යෝජනාවක් වන, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් මෙයට යොමු වුවහොත්, විශාල ලෙස කාලය හා අනෙකුත් සම්පත් වැය විය හැකි බව මහාචාර්යවරයා කියා සිටී.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අනුගත වීමෙන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට මුහුණපෑ ආකාරයෙන්ම මෙවරත් ඉතා දුෂ්කර අවධියකට රට ගමන් කළ හැකි බව හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ණය ගෙවීම යළිත් කල් දැමීම නිසා මෙරටට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එක්වීමට ඇති අවස්ථාව අහිමි වන බවත් විශාල වශයෙන් ණය බරක් දැරීමට රටට සිදුවනු ඇති බවත් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියා සිටී.




