
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 15.8ක අපනයන ආදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති අතර එම කාලය තුළ සියයට 5.8 වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ. ශ්රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා වූ අපනයන ආදායමක් සමග ඩොලර් මිලියන 15,776.36ක ආදායමක් ලබා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්රකාශ කළේ ඩොලර් මිලියන 15,776.36 වීම ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවයි. ප්රධාන වෙළෙඳපොළවල් යථාතත්ත්වයට පත්වීම, තිරසර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායි ලෙස ක්රියාත්මක කිරීම මගින් ශ්රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරගකාරීත්වය අවධාරණය කරන බවද ඔහු තවදුරටත් කියා සිටී.




