
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළදී එකඟතාවයකට පැමිණි ඉන්දියාව සමග වූ ගිවිසුම පිළිබඳව කිසිදු හෙළිදරව්වක් මෙතෙක් රටට සිදු කර නොමැති බවත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට එම හොර ගිවිසුම් සමග ක්‍රියාත්මක වූ ආණ්ඩුව විසින් නිලධාරීන් මගින්ම නිලධාරීන්ට චෝදනා කරන ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අසරණ වූ ජනයා හමු වීමට ගිය අවස්ථාවේදීය.
ගංවතුර විපතින් හානියට පත් ජනතාවට සාධාරණයක් වත්මන් ආණ්ඩුවෙන් ඉටු නොවන බවත් ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනතාවගේ නිවාස ප්රශ්නය විශාල ගැටලුවක් වී ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතුවීම රටේ ජනතාවට කරන සාධාරණයක් බවත්, ජනතාව වෙනුවෙන් ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළ රාජපක්ෂවරුන්ගේ හා අනෙකුත් පුද්ගලයන්ගේ මුදල් මෙරට ගෙන්වීමට සුදුසුම අවස්ථාව මෙය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඊට තමන්ම උපරිම සහයෝගය ලබාදෙන බවත් ගොවි ජනතාවට නැවත වගාව ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම මෙතෙක් සිදුව නැති බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




