
මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ චෝදනාව රාජපක්ෂවරු පිට පැටවීමට ආණ්ඩුව නිර්දය උත්සහයක යෙදුණ ද එම උත්සහය නැවත ඔවුන් වෙත පෙරලා පැමිණ ඇති බැවින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයක් කර තමන් වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කිරීමට උත්සහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (26දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසුවේය.
ආණ්ඩුව හිරු මාධ්‍ය ආයතනයට එරෙහිව ගෙනයනු ලබන මර්දනය සියලුම මාධ්‍ය ආයතනවලට එකසේ බලපාන බව පළමුව අවධාරණය කර සිටිමි. අපි පක්ෂයක් හැටියට මේ රටේ ජනමාධ්‍ය නිදහස හැමදාම අගය කරපු පක්ෂයක්. අපිට එරෙහිව මහා බොරු ප්‍රචාර ගෙනියද්දීත් අපි ඒ කිසිදු ජනමාධ්‍යකට එරෙහිව කටයුතු නොකළ පක්ෂයක්. එවැනි තත්ත්වයක් යටතේ අපි අද පෙනී සිටින්නේත් සමස්ත ජනමාධ්‍යයේ නිදහස අහිමි වන බවයි. මේ ජනතා විමුක්ති පෙරමුණ, ජනාධිපතිවරයා බලයට එන්නේ හොරු අල්ලනවා කියලා. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වුණේ ඔවුන්ගේ කණ්ඩායම ඇරෙන්න රාජපක්ෂවරුන් ඇතුළු සියලු දෙනාම හොරු යන්නයි. ඔවුන් පමණක් සර්ව සාධාරණ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් හොරු අල්ලන්න බලය ලබාදෙන්න කියලා තමයි කිව්වේ. එහෙම කියල ජනතාවට බොරු කර වංචනික ලෙස බලය ලබාගත්තා. නමුත් අද වනතුරු අල්ලපු හොරෙක් නැහැ. හැබැයි මේ හොරු අල්ලන්න බැරිවීම වහගන්න ඔවුන් ඊළඟට වෙනත් උපක්‍රමයක් භාවිත කළා. මේ රටේ 1990 ගණන්වල සිට තිබෙන මත්ද්‍රව්‍ය උවදුර විපක්ෂය පිටින්, විශේෂයෙන්ම රාජපක්ෂවරු පිටින් පටවන්න ඉතාම නිර්දක උත්සාහයක යෙදුණා.




