පසුගිය සතියේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශන්කර් මහතා හමුවූ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ පක්ෂ නායකයන් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම හමුව පවත්වා ඇත්තේ පසුගිය අඟහරුවාදා පස්වරුවේය. ජයිෂන්කර් මහතා මෙරටට පැමිණියේ ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙසය. කුණාටුවෙන් පසු රට ගොඩනැඟීම වෙනුවෙන් ඉන්දියාව ලබා දෙන ආධාර පැකේජය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ඔහු කටයුතු කර තිබිණි.




