
කොවිඩ් එන්නත් හා තරුණයන්ගේ හදිසි මරණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉන්දියාවේ ප්රමුඛ වෛද්‍ය ආයතනයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබේ. කොවිඩ් එන්නත පිළිබඳ දිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (IIMSS) විසින් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ මේ එන්නත සහ තරුණයන්ගේ හදිසි මරණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එරට සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව 2025 දෙසැම්බර් වන විට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 2.2 කට වඩා ලබා දී ඇත.

ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ පර්යේෂණවලින් පෙනී යන්නේ හෘදයාබාධ ඇතිවීමට විශාලතම හේතුව හෘද රෝග බවයි. සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ව්‍යාධි විද්‍යා හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව 2023 මැයි සිට 2024 අප්‍රේල් දක්වා වසරක් පුරා පශ්චාත් මරණ පරීක්ෂණ පාදක කරගෙන සිදු කළ අධ්‍යයනයක් මගින් මේ කරුණු හෙළිකර තිබේ.
‘තරුණ සහ වැඩිහිටියන්ගේ හදිසි මරණ බර: ඉන්දියාවේ විශාල රෝහලක වසරක අධ්‍යයනයක්’ යන මාතෘකාව යටතේ මෙම අධ්‍යයනය ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ප්රමුඛ සඟරාව වන ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ සඟරාව මගින් ප්‍රකාශයට පත් කර ඇත.




