
හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු යොදා ඇති බව ත් හදිසි නීතියක් මේ මොහොතේ රටට අවශ්‍ය ඇයිද යන්න නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක් දක්වන බව ත් ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පැවසීය.

හදිසි නීතිය සාමාන්‍යයෙන් මසකට වරක් දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී සිදුවන අතර මේ මස (ජන. 6) සිට නැවත හදිසි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බව ත් ඊට නිශ්චිත හේතුව පැහැදිලි නොමැති බව ත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
හදිසි නීතිය අවශ්‍ය ඇයි ද යන්න විමසූ විට සභානායක බිමල් රත්නායක “දැන් බලන්න ගාල්ල නගර සභාවේ සිද්ධිය වගේ ඒවා, තව උදාහරණයක් විදිහට ආපදා තත්ත්වය හින්දා මීමුරේ ගමට තවම යන්න බෑ පාරක් නැතුව, මේ වගේ කාරණාවලට හදිසි නීතිය අවශ්‍යයි” යනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ. 31) පැවති කාරක සභාවේදී පැවසූ බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
හදිසි ආපදා තත්ත්වයත් සමග විපක්ෂය විසින් හදිසි නීතිය අවශ්‍ය බව පෙන්වා දුන් අතර ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වන දා සිට දෙසැම්බර් 28 වන දා දක්වා හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබූ බව මන්ත්‍රිවරයා පැවසූ අතර ඒ අනුව ජනවාරි 6 වන දා සිට නැවත හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව කමිටුවේදී අනාවරණය වූ බව ය.
කෙසේ නමුත්, හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය අතර ඊට බිමල් රත්නායක අමාත්‍යවරයා විවාදයක් අවශ්‍ය නොමැති බව පැවැසූ අතර පසුව විපක්ෂයේ ඉල්ලීම අනුව ඊට පැයක් ලබා දීමට එකඟ වූ බව රාසමානික්කම් පෙන්වා දුන්නේ ය.
එමෙන් ම, හදිසි නීතියකින් ගැසට් හෝ ශේෂ පරීක්ෂා කිරීම් හෝ නොමැතිව ජනාධිපතිවරයාගේ වචනය පමණක් නීතිය බවට පත් වන සේ ම මෙය අනෙකුත් නීතින් සියල්ල අභිභවා යන නීතියක් බව ත් මෙමගින් ජනාධිපතිවරයාගේ විධායක බලයට තවත් අසීමිත බලයක් එක් වන බව ත් ඔහු කීය.




