
වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පාතාලය නමැති පිළිකාව සීයයට සීයක්ම අපි අවසන් කරනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති, හර්ෂණ නානායක්කාර මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්රයේදී පැවැති උත්සවයකදී පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු මෙසේ ද කීවේය.
බන්ධනාගාර නිලධාරීන්ට පවතින ගැටලු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙනවා. පාතාලයට කවුරුන් අනුග්රහ දැක්වුවත්, පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි. බන්ධනාගාර නිලධාරීන්ට පාතාලයෙන් විවිධ තර්ජන එන බව අපි දන්නවා. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාතාලය නමැති පිළිකාව සීයයට සීයක්ම අපි අවසන් කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටිනවා. එබැවින් කැපවී කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.




