
රජය හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය බාධා කිරීම හේතුවෙන් අද වන විට ජනතාව විපක්ෂයට එරෙහි වෙමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාගේ මහතා පවසයි.

සුළු සිදුවීම් මුල් කරගනිමින් ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත්, ජනතාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා, ජනතාව සැමවිටම තීරණ ගනු ලබන්නේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව මැනවින් අවබෝධ කර ගැනීමෙන් පසුව බව ද අවධාරණය කළේය.
සාමාන්‍යයෙන් සෑම වසර අටකට වරක්ම මෙරට අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක් විය යුතුය. එසේ නොවන්නේ නම් දරුවන්ගේ දැනුම කාලීන ලෝකය සමඟ බද්ධ නොවී පසුගාමී තත්ත්වයට පත් වේ.
මෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ සැබවින්ම 2013 වසරේදී සිදුවිය යුතුව තිබූ ප්රතිසංස්කරණයකි.
රටට අත්‍යවශ්‍ය මෙවැනි වෙනසකට විපක්ෂය දිගින් දිගටම විරෝධය පෑම කණගාටුදායකය. විපක්ෂයේ මෙම පටු දේශපාලන ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට සිසුන් සහ දෙමාපියන් පවා ඔවුන්ට එරෙහිව නැගී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.




