
ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය සහ සිටන් කොබෝල්ට් ප්‍රතිකාර යන්ත්‍රය අක්‍රීය වීමෙන් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම යන්ත්‍ර දෙක පිළිවෙළින් පසුගිය 12දා සිට සහ 14දා සිට මෙලෙස අක්‍රිය වී ඇත. මේ නිසා රෝගී ජීවිත අවදානමකට ලක්ව ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයිනට’ ඊයේ (16දා) පැවැසීය.
පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු එම ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වුවත් අදාළ යන්ත්‍ර ද්විත්වය බිඳ වැටීමෙන් රෝගී සත්කාර අඩාල වීම බරපතළ ගැටලුවක්ව ඇතැයි ද ඒ මහතා පවසයි.
බිඳ වැටීමට ලක්ව ඇති ලිනීයර් ඇක්සලරේටර් යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගීන් සියයක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම සිදුකරමින් පැවැති බව ද හෙතෙම පැවැසීය.
මෙම යන්ත්‍ර සේවා බිඳ වැටීම් සම්බන්ධයෙන් අදාළ සේවා සපයන සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වනතුරුත් එම යන්ත්‍ර යථාවත් කිරීම සිදුවී නොමැති බවත් ලිනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම යථාවත් වීම ප්‍රමාදවීම පිටුපස එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම අවශ්‍ය වේලාවට සිදු නොකිරීම හේතුවී ඇති බවත් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පැවැසීය.




