
පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත් ඔවුන්ට අධ්‍යයනය කරගැනීමකට නොහැකි වී ඇති බවය.
“අසීමිත බදු බර තුළ අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නෑ. අනවශ්‍ය රෙගුලාසි, නීතිරීති හැඳුන්වා දීම තුළින් රටකට ආයෝජකයෝ එන්නේ නෑ. ඒක අපි පහුගිය අවුරුදු 10 හොඳාකාරවම දැක්කා.”




