
මෙරට පළාත් සභා 09 විසින් 2024 වර්ෂයේ දී රුපියල් මිලියන පන්ලක්ෂ දසදහස් හත්සිය හැත්තෑ දෙකක මුදලක් (510,772) වැය කර තිබූ අතර ඉන් ප්රාග්ධන ස්වරූපයේ සංවර්ධන කටයුතු සඳහා වැය කර ඇත්තේ සියයට හතරක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එම වියදමින් සියයට 96ක්ම වැය කර ඇත්තේ පුනරාවර්තන වියදම් සඳහා බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. පුනරාවර්තන වියදම්වලින් සියයට 77ක් පළාත් සභාවල සේවය කරන සේවකයින්ගේ පඩිනඩි ගෙවීම සඳහා වැය කර තිබුණි.
සෑම පළාත් සභාවක් විසින් ම පුද්ගලික පාරිශ්රමික අනෙකුත් භාණ්ඩ හා සේවා නඩත්තු වියදම් ඇතුළත්ව පුනරාවර්තන වියදම් ද ප්රාග්ධන ස්වරූපයේ සංවර්ධන වියදම් ද වාර්ෂිකව දරනු ලබයි.




