රටක් ලෙස නවීකරණය විය යුත්තේ සහ ආර්ථිකය ශක්තිමත් කළ යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද කියා සිටියේය.

දේශපාලන බලවේගයක් විදියට අපි විශ්වාස කරන කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම රටක් විදියට අපි ගොඩනැගෙන්න ඕන. ඒ රටක් විදියට අපි ගොඩනැගෙනව නම් අපේ අන්‍යනයතාවය අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ කම අපි ආරක්ෂා කරගන්න ඕන.රටක් නවීකරණය වෙනව කියන්නේ ඒ රටේ සංස්කෘතිය ආගම දහම අතාරිනව කියන එක නෙවෙයි. තමන්ගේ අන්‍යනතාවය ආරක්ෂා කරගනිමින් නූතනත්වය කරා අපි ගමන් කරන්න ඕන.
ඉතිහාසයේ හැම තිස්සෙම හැම පක්ෂයක්ම තරුණ සංවිධාන තරුණ බලමුළු ගොඩනගල තියෙන්නෙ දේශපාලනිකව. ඒක තමයි යතාර්ථය. ඒ වගේම අපේ ඉතිහාසයේ හැම අරගලයක්ම හැම සටනකටම නායකත්වය දීලතියෙන්නේ තරුණයන්. ඒක එල්ටීටීඊ ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, ඒක ත්‍රස්තවාදය පරාජය කර රට එක්සේසත් කරන්න වෙන්න පුළුවන්, 88,89 කාලය වෙන්න පුළුවන්, 83 වෙන්න පුළුවන්., 2021/2022 වෙන්නත් පුළුවන්.
මේ හැම කාර්යකම තරුණ ගැටලු තරුණ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන තමයි අරගල ගොඩනැගෙන්නේ. ඒක ලෝකයේ පොදු කාරණයක්.බංගලාදේශය ගත්තත්, නේපාලය ගත්තත්, ඉන්දුනීසියාව ගත්තත් මෑත ඉතිහාසයේ අද අපි මේ කතා කරන මොහොතේ ඉරානය වගේ රටවල් ගත්තත් පහුගිය කාලයේ මැදපෙරදිග රටවල් ගත්තත් ඇමෙරිකාවේ ගත්තත් ඒ හැම කාරණයක්ම සිද්ද වෙලා තියෙන්නේ තරුණයෝ කේන්ද්‍ර කරගෙන.
හැම අරගලයකම ප්‍රතිඵලයකින් යම් ඵලවිපාකයක් දරනව නම් ඒ තුළින් රටක් සමාජයක් ආර්ථිකයක් කඩන් වැටෙනව නම් ඒ කඩන් වැටෙන රටේ සමාජයේ ආර්ථිකයේ විඳවන්න වෙන්නෙත් ඒ රටේ තරුණයන්ට කියල අපි අමතක නොකළ යුතුය. ඒක ලෝකයේ හැම තැනම පොදු සාධකයක්. ඒ නිසා අපි විශ්වාස කරන්නෙ තරුණයන් මේ රටේ ඊළඟ පරම්පරාවට සූදානම් කරගත යුතුය යන කාරණාව. තරුණයා අපි මෙහෙයවනවා නෙවෙයි. දේශපාලනිකව තරුණයා මෙහෙයවනවා වෙනුවට දේශපාලන පක්ෂ අනාගතයට සරිලන විදියට සැලැසුම් කරන්න ඕන. අපි ඉතිහාසයේ කර ලොකුම වැරැද්ද තමයි අපි අවුරුදු 5කට ආණ්ඩුවක් අරන් ඒ අවුරුදු පහේ කාල සීමාව කොහොමද ගත කරන්නෙ කියල තමයි හැම ආණ්ඩුවක්ම කල්පනා කරන්නෙ. ඒ හින්ද තමයි අධිවේගී මාර්ග හදන කොට බල්ලො බළල්ලුන්ට පාර මාරු වෙන්න බැහැ කියල මත වාදයක් ගොඩ නැගුනේ. කොළඹ වරාය නගරය හැදුවේ මූල්‍ය නගරයක් විදිහට. හැබැයි තවමත් අපේ ආණ්ඩුවට හැකියාව ලැබිල නෑ ඒ කාරණය අවබෝධ කරගෙන ලෝකයේ අනිත් රටවල්වලට සාපේක්ෂව ස්ථානගත වෙන්න. ඉතිහාසයේ අපි පහුගිය එක්කෙනාට වඩා හොඳට කරා කියන එක අදාළ වෙන්නේ නෑ. හැබැයි අද ලෝකේ කොතැනද තියෙන්නේ ඒ ලෝකය අපි එක්ක තරග කරන්නේ කවුද අන්න ඒ තරග කරන තරගකරුවට වඩා ඉදිරියට අපි කොහොමද යන්නේ කියන එක අපිට තියෙන අභියෝගය. එහෙම නැතුව ඉතිහාසයේ අපි අච්චර කරා මෙච්චර කරා අදාළ වෙන්නෙ නෑ අනාගතයේදී. ඒ හින්දා අපි පැහැදිලිව විශ්වාස කරනවා ලෝකයේ නවීන ප්රවණතාවයන් එක්ක අපි යා යුතුයි. ලෝකය නවීන ප්රවණතාවයන් එක්ක අපි යනකොට අපේ සමහරු හිතනවා සංස්කෘතික වශයෙන් යන ප්රවණතාවයන් කියලා. නෑ අපේ හැම රටක්ම තමන්ගේ සංස්කෘතිය ආගම දහම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ. හැබැයි ලෝකයේ ආර්ථික රටාව ඇතුලේ භූගෝලීයව සිදුවන වෙනස්කම් ඇතුළුව අද ලෝකයේ කොතැනද ස්ථානගත වෙන්නේ. කලාපයේ අපට පෙර හිටපු මිතුරෙක්ව අපි කොහොමද ගනුදෙනු කරන්නේ වගේම අලුත් වෙළඳ ගිවිසුම් ලට බහු පාර්ශ්වික ද්වීපාර්ශ්වීය ගිවිසුම්වලට කොහොමද අපි යන්නේ, කොහොමද, ඒවා තුළින් රැකියා උත්පාදනය කරන්නේ. අසීමිත බදුබර තුළ අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. අනවශ්‍ය රෙගුලාසි නීති රීති හඳුන්වාදීම තුළින් රටකට ආයෝජකයෝ එන්නෙත් නැහැ. ඒක අපි පහුගිය අවුරුදු පහේ දහයෙ හොඳාකාරවම දැක්කා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු සමහර ආයෝජන පිළිබඳව දැඩි විවේචනයක්