
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අත්හිටවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය අදානි සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් ආපසු ගෙවීමට සිදු විය හැකි බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබුණේ මන්නාරම සහ පූනරීන් නගරවල යෝජිත සුළං බලාගාර ව්‍යාපෘති අත්හැර යන බවයි.
ජාතික ජන බලවේගය (NPP) ප්රමුඛ නව රජය විදුලිය නිපදවීමේ පිරිවැය අඩු කරන ලෙස ඉල්ලා සිටීමත්, පෙර රජය සමඟ එකඟ වූ පිරිවැය නව රජය පිළිගැනීමෙන් තොරවීමත් හේතුවෙන් සමාගම මෙවැනි තීරණයකට පැමිණ ඇත.
අදානි සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 442ක් ආයෝජනය කරමින් මෙගාවොට් 350ක විදුලි ශක්තියක් 2025 වන විට ජාතික විදුලි ජාලයට එකතු කිරීමට සැලසුම් කර තිබුණි.
මේ අතර සමාගම පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය සමඟ සිදු කළ පර්යේෂණ සහ විමර්ශන සඳහා ආයෝජනය කර ඇති මුදල ආපසු ලබා දෙන ලෙස රජයට නිල ලිපියක් යවා තිබේ.
කෙසේ වෙතත් සම්පූර්ණ වියදමට අදාල නියමිත මුදල සමාගම තවමත් නිශ්චිතව සඳහන් කර නොමැත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙය ගෙවීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, නීති උපදෙස් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඉහළ පෙළේ නිලධාරියෙක් සඳහන් කළේය.
“කිසියම් ගෙවීමක් තිබේ නම්, එය සිදු කරනු ලබන්නේ කැබිනට් අනුමැතියෙන් පමණයි” ඔහු වැඩිදුරටත් පැවසීය




