
තමන් පාර්ලිමේන්තුවට පිවිසියේ පාරම්පරික උරුමයකින් හෝ අයථා ලෙස උපයාගත් ධන බලයෙන් නොව, තමන් සතු දේශපාලනික පරිනතභාවය සහ කුසලතාවය පදනම් කරගෙන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මිය අවධාරණය කළාය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඇය මේ බව ප්‍රකාශ කළේ සභාවේ පැවැති විවාදයකදී චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය දැක්වූ අදහස්වලට පිළිතුරු සපයමිනි.
මෙම විවාදයට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දුන්නේ පරම්පරාගත දේශපාලන ක්‍රමය හේතුවෙන් රට දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරනුයේ පවුල් පසුබිම නිසා නොව, ජනතාව තැබූ විශ්වාසය හා ඡන්දය මත බවයි.




