
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබුණ වැරැදිවලට විපක්ෂය විරුද්ධ නොවුණා නම් තව මාස තුනකින් ආණ්ඩුව දැඩි අපහසුතාවකට පත් වෙනවා යැයි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව සියලුම දෙනා පිළිගන්නවා. කෙසේ නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩ කටයුතු ආරම්භ කළේ යහපාලන රජය කාලයේදී. ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ගේ කාලයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගමන් කළා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබුණ වැරදිවලට විපක්ෂය විරුද්ධ නොවුණානම් තව මාස තුනකින් ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉතුරු මාස 9 සඳහා අත්පොත් සකස් කරලත් නැහැ. ගුරු පුහුණුව ලබාදීලත් නැහැ. තාක්ෂණික උපකරණත් නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න ආණ්ඩුවට සිදුවුණේ විපක්ෂය නිසා බවට විපක්ෂයට චෝදනා කිරීම වැරදි කටයුත්තක්. රටේ ජනතාව රාජ්‍ය පාලනය භාර දුන්නේ විපක්ෂයට නෙවෙයි. රටේ ජනතාව රාජ්‍ය පාලනය භාර දුන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාට සහ ජාතික ජනබලවේග ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා සිදුකරන ප්රචාරක ව්‍යාපෘති නතර කර හැකිතරම් ඉක්මනින් නිවැරදි ලෙස සලකා බලන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළ යුතුයි.




