
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු ඇමැති රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යළි එක්වී එම පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස ඊයේ පත්විය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් ඊයේ (22 දා) පත්වීමේ ලිපිය ලබාගත්තේය. ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය. තවද රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කර ඇත.
රමේෂ් පතිරණ මහතා සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයෝ පිරිසක්ද ඊයේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වූහ.




