
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක ප්‍රකාශ කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂණ සඳහා උන්වහන්සේ රෝහල් ගතකර ඇති බවයි.
2025 නොවැම්බර් 16 වැනිදා ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් බෞද්ධ භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ සැකකරුවන් හය දෙනෙකු ජනවාරි 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.




