
ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක. සිවුරත් වැඩක් නෑ කිව්වා. ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා. ඇඳුම මොකක්ද අදාළ නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා. ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව වුණත් තමන්ගේ ආණ්ඩුව රැකගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ලෙනින්ගේ ප්‍රතිපත්ති හඹා යනවා කියලා ඔහුගේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා කියලා කටයුතු කරන සමහර දේශපාලනඥයන්ගේ කියවීම ලෙනින්ට වඩා වෙනස්. මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්දනය තර්ජනය සහ බය කරලා තමන්ගේ දේශපාලන ගමන අරගෙන යන්න. ඒකනේ කිව්වේ කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එකනේ. සිවුරත් වැඩක් නෑ කිව්වා ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා. ඇඳුම මොකක්ද අදාළ නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා. ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව වුණත් තමන්ගේ ආණ්ඩුව
රැකගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ. ඉතින් මම හිතන්නේ ලාල්කාන්ත කිවුවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා. මේ යන විදිහට නම් කොහොමත් ඔය එකසිය පනස් නවය බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අරගෙන පුහුණු වුණොත් හොඳයි කියලා නම් හිතනවා.
ජනාධිපතිතුමාගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න පොලිස්පතිවරයා කටයුතු කරනවා. හැබැයි අපි එදා ඔහොම ක්‍රියාත්මක වුණා නම් ඔය ජනාධිපතිවරයා සහ ඔය කැබිනට් එකේ භාගයක් පාර්ලිමේන්තුවේ නොසිටින්න තිබ්බා. හැබැයි ඉතින් අපි අන්දරේ කතාව අහලා තියෙනවානේ, අන්දරේ රජ වෙච්ච කතාව. අන්දරේගෙ කතාවලට රජ්ජුරුවොත් හිනා වෙවී හිටියා. අන්තිමට අන්දරේ රජ වෙනකම් දන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි මේ අයගේ බොරු කතාවලට ඔක්කොම හිනා වෙවී හිටියා, මේ අයගේ බොරුවලට අපි බොරු කිය කිය හිටියා. අවසානයේ අන්දරේ රජ වුණා වගේ දැන් කෙනෙක් රජ වෙලා ඉන්නවා. දැන් ඉතින් දරාගන්න බැරිකමක් තියෙන්නේ. එදා කියපු බොරු හා සමානව අදත් බලයට ඇවිල්ලා බොරු කියමින් ඉන්නේ. අන්දරේ රජවෙයි කියලා හිතන් නැතුව අන්දරේගේ කතා ටික අහලා හිනාවෙලා අත්පුඩි ගහන් හිටපු ජනතාවට අන්තිමේට අන්දරේ රජු වුණාට පස්සේ අන්දරේගේ පාලනය යටතේ ඉන්න සිද්ධවෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිටත් වෙලා තියෙන්නෙ.
ඉතින් ලෙනින් ගාවට ගියත් බෲස් ලී ගාවට ගියත් ජනාධිපතිවරයා ගාවට ගියත් මේ හැමෝම තේරුම් ගන්න ඕන අවසානයේදී ජනතාව ඉස්සරහට එන්න ඕන. තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති. ඒවා අපිට අදාළ නෑ. මොකද ඒවා ඇතුලෙ තියෙන ප්‍රශ්න නේ. මේවා ජනතාවට අදාළ නෑ. ජනතාවට කරන කටයුතුවලදී ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්න එපා. විජේවීර පටන් ගත්ත දේශපාලන න්‍යාය පත්‍ර ඇතුලේ ඇත්තටම පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු සමහර අය අද අසරණ වෙලා මේ පක්ෂය ඇතුලේ බලාගෙන ඉන්නවා. ඉතිං ඒ අයට දැන් ඇත්තටම හිතෙනවා ඇත්තම ජේවිපි එක කොතැනද තියෙන්නේ කියලා.




