
පාසල් සිසුන් අතර ව්‍යාප්ත වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යු. වුට්ලර් මහතා (27දා) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයිමොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ උපක්‍රමයක් පවතින බවට හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය. එවැනි වෙළෙඳුන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිටත් ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුට සමාව නොලැබෙන බව ද ඒ මහතා කියා සිටියේය.
කොකේන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වඩා ළඟ තබාගැනීම මරණ දඬුවම හිමිවන වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.




