
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කිසිම විටක ඔවුන්ට පහරදීම නොකර නීතියට අනුව කටයුතු කරන ලෙස තමා සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
යතුරු පැදියකින් ගමන් කළ කතෝලික පියතුමෙකුට පොලිසිය විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ කරුණු විමසීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.
සමහරු පොලිස් බලය අනිසි ලෙස ක්‍රියාත්මක කරනවා. සැකකරුවන්ට පහර දෙනවා. පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ නීතියට අනුවයි. කිසි විටෙක පහරදීම් නොකළ යුතුයි. මේවා නිසා ජනතාව පොලිසිය කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු වෙනවා.
සැකකරුවන්ට පහරදීම මා අනුමත කරන්නේ නැහැ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.




