
දිගින් දිගටම ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති වුවහොත් අදාළ ආනයනික සමාගම නුසුදුසු තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බවට ඔවුනට දැනුම් දුන් බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ වුවහොත් කිසිදු පැකිළීමක් නැතිව කොන්දේසි අනුව කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.
“දැනට ලංකාවට ගල්අඟුරු නැව් 6ක් ඇවිත් තිබෙනවා. තව 4ක් මග එනවා. පළමු නැව හා තුන්වන නැව්වල තමයි ප්‍රමිතියේ ගැටලු තයෙන්නේ. දිගින් දිගටම මෙහෙම ගියොත් ‘ඩිෆෝල්ට්’ කරන්න හැකියාව තිබෙන බව අපි ආනයනික සමාගමට දැනුම් දුන්නා. එහෙම වුවහොත් සමාගම කවුද කියලා අදාළ නෑ පැකිළීමකින් තොරව කොන්දේසි අනුව කටයුතු කරනවා.
හදිසි අවස්ථාවක් සඳහා අවශ්‍ය වුවහොත් ගල්අඟුරු, මිලදී ගන්න කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. ඒත් තවමත් ඒ සඳහා අවශ්‍යතාවක් නැහැ. හදිසි මිලදී ගැනීමක් කළත් පාඩුවක් නෑ.
2023 සිට 2025 අවසන් වනතුරු කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව දූෂිත ලෙස එක අවුරුද්දක්වත් සුදුසුකම් නැති ගල්අඟුරු නැවක් ලෝකයේ කොහෙවත් විකුණලා නැති, ලංකාවේ හිටපු රෙජීමයේ ළඟම ඥාතියකුගෙන් සමන්විත කොම්පැනියක් තමයි ලංකාවට ගල්අඟුරු සැපයූවේ.
මේවා කරද්දි එදා විපක්ෂය කොහේද හිටියේ. දැන් විද්‍යාත්මකව සුදුසුකම් හදාගෙන මේ ටෙන්ඩරයටත් ආවා. දිනාගන්න බැරිවුණා. ඒ අමාරුවට සමහරු කෑගහනවා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (සජබ)
හදිසි මිලදී ගැනීමක් වූ විට එතැනම මිල වැඩිවීමක් තියෙනවා. වැඩි මිලටයි ගන්න වෙන්නේ. රුපියල් බිලියන ගණනින් පාඩු වෙනවා. ඇමැතිවරයා ඒවා දන්නේ නෑ.




