
මාරාන්තික නිපා වෛරසයේ පැතිරීමක් හඳුනාගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව සිය උත්සාහයන් වේගවත් කර ඇති අතර, නිරීක්ෂණ සහ රසායනාගාර සූදානම වැඩි දියුණු කර තිබේ.

මෙරට ප්‍රමුඛතම රසායනාගාරය වන වෛද්‍ය පර්යේෂණ ආයතනය, නිපා වෛරසය හඳුනාගැනීම සඳහා නවතම තාක්ෂණය සමඟ පරීක්ෂණ ධාරිතාව වැඩි දියුණු කර ඇති අතර, සැක සහිත රෝගීන් කල්තියා හඳුනාගැනීමට එමගින් හැකි වන බවට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.
නිපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසුන්ට සහ සම්බන්ධතා හරහා මිනිසාගෙන් මිනිසාට පැතිර යා හැකි බෝවන සත්ව විද්‍යාත්මක රෝගයකි.
පළතුරු වවුලන් වෛරසයේ ස්වාභාවික වාහකයන් වේ.
1988 දී මැලේසියාවේදී ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය එතැන් සිට ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල මාරාන්තික පැතිරීම් ඇති කර තිබේ.
මානව-සත්ව අන්තර්ක්‍රියා සහ නිවර්තන දේශගුණය සමඟ ශ්‍රී ලංකාව එවැනි බෝවන රෝගවලට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇත.
නිපා වෛරසයේ මරණ අනුපාතය 40% සිට 75% දක්වා පරාසයක පවතින අතර එය මිනිසුන්ට බලපාන වඩාත්ම මාරාන්තික වෛරස් ආසාදනවලින් එකකි.
නිපා සඳහා දැනට නිශ්චිත ඖෂධ හෝ එන්නත් නොමැති අතර, ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් දැඩි ආධාරක සත්කාර මත රඳා පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
ආසාදනයේ රෝග ලක්ෂණ අතරට මුලින් උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව, පසුව කරකැවිල්ල, නිදිමත ගතිය, වෙනස් වූ සිහිය සහ උග්‍ර එන්සෙෆලයිටිස් තත්ත්වයන් පෙන්නුම් කරන ස්නායු රෝග ලක්ෂණ ඇතුළත් වේ.
දරුණු අවස්ථාවලදී පැය 24 සිට 48 දක්වා කාලය තුළ අසාමාන්‍ය නියුමෝනියාව, උග්‍ර ශ්වසන අපහසුතා සහ කෝමා දක්වා වර්ධනය විය හැකිය.
දැනුවත්භාවය සහ පූර්වාරක්ෂාව පිළිබඳ පියවර අනුගමනය කරන ලෙස බලධාරීන් අඛණ්ඩව ඉල්ලා සිටින අතර, කල්තියා හඳුනාගැනීම සහ වේගවත් ප්‍රතිචාර දැක්වීම වසංගත වැළැක්වීම සඳහා ප්‍රධාන සාධකය බව බව අවධාරණය කරයි.




