
සමුපකාර හරහා මසකට රුපියල් 10,000 ඉක්මවන මිලදී ගැනීම් සිදු කරන පාරිභෝගිකයන්ට රුපියල් 300,000ක ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සමුපකාර සේවකයන් සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට සහ ඔවුන්ට සතුටුදායක වැටුපක් ලැබෙන බව සහතික කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
අනුරාධපුර විවිධ සේවා සමුපකාර සංගමයේ මහා සභා රැස්වීමට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පසුගියදා පැවති කලාපීය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර, සමුපකාර ක්ෂේත්රය තුළ මෙතෙක් සිදුවී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.




