
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත වායු සමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් මෙය සිදු කිරීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඒ සඳහා බස් රථ 10ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමනු ලැබ ඇති අතර 2026.03.15 වැනිදා වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතය.
එකී බස් රථ ධාවනය සහ නඩත්තුව සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බව පෙනී ගොස් තිබේ.




