
ශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම පත්වීම් ලිපිය නිල වශයෙන් අලහප්පෙරුම මහතා වෙත භාර දී ඇත.
අලහප්පෙරුම මහතා දැනටමත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
මෙම නව පත්වීමත් සමඟ, ඔහු ආයතන දෙකෙහිම අධ්යක්ෂ ධූරයන් දරනු ඇත.
මීට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාය.




